වංචනික ලෙස කාඩ්පත් භාවිත කරමින් බැංකු ගිණුම් මගින් මුදල් ලබාගැනීමේ සිදුවීම් කීපයක් පසුගිය දිනවල වාර්තාවීම හේතුවෙන් බැංකු ක්‍රමයේ සහ ගණුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමතර ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.
ඒ සඳහා ලංකා ක්ලියර් පුද්ගලික සමාගමේ සහ බලපත්‍රලාභී බැංකුවල සහයද ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර සිටියි.
මේ සම්බන්ධයෙන් සැකපිට ඊයේ (06) චීන ජාතිකයන් දෙදෙනෙකු සහ රුමේනියා ජාතිකයෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිය බැංකු ගිණුමේ හඳුනාගත නොහැකි වූ ගණුදෙණුවක් හෝ අස්ථානගත වූ කාඩ්පත් වෙතොත් වහාම අදාළ බැංකුවට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙයි.







