ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සදහා ජාතික අධිකාරියක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමතය හිමිවී ඇත.
මීට අමතරව මතින් තොර රටක් බිහි කිරීමේ කටයුතු තව දුරටත් පුළුල් කිරීම සදහා විෂ මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ තවත් යෝජනාවකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.








