FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයකට අද (07) පස්වරුවේත් තද වැසි…

 

අද (07) පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටද පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් , වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.