FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

කොළඹ 01, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ලබන සෙනසුරාදා (09) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව ලබන සෙනසුරාදා රාත්‍රි 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා පැය 18ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මේ අතර පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයීම සිදු කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.
මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව සඳහන්.