FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාතේ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට ආණ්ඩුකාරගෙන් නව නීතියක්…

 

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නියෝගයක් නිකුත් කරමින් සදහන්කර ඇත්තේ එම පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ලබන මාර්තු 04 වනදාට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කළ යුතු බවයි.

ඒ අනුව පළාතේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන් සිය ආයතන පිහිටි ස්ථාන හා ඉඩකඩම් තොරතුරු පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාර දිය යුතු බවත් අදාළ දිනයට පෙර මෙකී ආයතන පිළිබඳ සියලු තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බවත් ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

උතුරේ නගරවල ප්‍රදර්ශනය කරන විශාල බැනර් සහ දැන්වීම්වල ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අංකයද  සඳහන් කළ යුතු බවත් මෙය ඉදිරි දෙසතියක කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.

මේ පිළිබඳ තොරතුරු උතුරු පළාත් සභාවේ www.np.gov.lk නැමති වෙබ් අඩවියෙන් හෝ 021-2231343 නැමති අංකය අමතමින් දැනගත හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.