FAST NEWS

24×7 Around the Globe

ජාතික රූපවාහිනියේ සේවකයින් සභාපතිනියගේ කාර්යාලය වටලයි…

 

කලක් පටන් ජාතික රූපවාහිනී ආයතනයේ සේවකයින් සිය අලෙවි අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කලද එම ඉල්ලීම් නොසලකා හැරීම හේතුවෙන් සේවකයන් විසින් රූපවාහිනියේ සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම විරෝධයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම ඉල්ලීම ඉදිරිපත් කළ රූපවාහිනියේ වෘත්තීය සමිති සාමාජිකයින් 21 දෙනෙකු ස්ථාන මාරු කිරීම බව වාර්තා වෙයි.

වත්මන් අලෙවී අධ්‍යක්ෂකවරයා ඉහල වැටුපක් යටතේ රූපවාහිනියට පත් කලද ඔහු යටතේ ආයතනය බංකොලොත් වී ඇති බවයි සේවකයින් චෝදනා නගයි.