FAST NEWS

24×7 Around the Globe

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (06) සිට..

මහ කන්නයේ වී මිලදී ගැනීම අද (06) සිට ආරම්භ කිරිමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබේ.
ඒ අනුව ප්‍රථමයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වී මිලදී ගැනීමට නියමිත බවත් ඉදිරි දෙසතිය තුළ සෙසු දිස්ත්‍රික්කවල ද එම කටයුතු සිදු කෙරෙන බවත් එම මණ්ඩලය කියයි.
මෙවර අස්වැන්නෙන් වී මෙට්‍රික්ටොන් එක්ලක්‍ෂ පනස් දහසක් මිලදී ගැනීම වී අලෙවි මණ්ලඩයේ අපේක්ෂාව වී තිබේ.
=