නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
ඉන්දියාවෙන් ඇනවුම් කළ දුම්රිය බලවේග කට්ටල හයෙන් එකක් පසුගියදා ලංකාවට ආනයනය කරනු ලැබූ අතර මේ වනවිට එය කොළඹ සහ කන්කසන්තුරේ අතර ධාවනයට යොදවා ඇති බවත් , එම දුම්රියේ පවතින සුඵ අඩුපාඩු හදුනාගෙන එම අඩුපාඩු සම්පූර්ණ කරගෙන නව බලවේග කට්ටල මෙරටට ගෙන්වා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නව දුම්රිය දෙක කොළඹ – මාතර සහ කොළඹ- කන්කසන්තුරේ අතර ධාවනයට එක් කිරිමට නියමිතයි.






