හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා මාර්තු මස 12 වැනිදා කැඳවන ලෙස පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරනු ලැබීය.
ඒ එම අභියාචනා පෙත්සම් අද (06) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ එම නඩුවට අදාළව ලැබිය යුතු ලේඛන තමන් වෙත ලැබුණේ අද පෙරවරුවේ බවත් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් අවශ්‍ය බවත්ය.
ඒ අනුව මෙම ලේඛන වල යම් අඩුපාඩුවක් තිබේ ද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.
මෙම සැකකරුවන් බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෂියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටියි.








