මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරපු සමයේ එම ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් නිකුත්කර තිබූ තහනම් නියෝගයක් ඉවත් කරන මෙන් ඉල්ලා ඉකුත් දෙසැම්බර් මස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලය විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් මාර්තු 14 කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම අභියාචනය අද (06) අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ සහ මුර්දූ ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී එම අභියාචනාවල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් විසින් මෙම කරුණට අදාලව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස් කරගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ලිඛිත උපදෙස් ලබාගැනීම සඳහා කල් අවශ්‍යව ඇති බවයි.








