FAST NEWS

24×7 Around the Globe

සිව්දින සංචාරයක් සඳහා විපක්ෂ නායකවරයා ඉන්දී්‍යාවට..

 

ඉන්දියාවෙ හින්දු (The Hindu) පුවත්පත වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමුළුවේ විශේෂ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ලැබුණු ඇරයුමක් අනුව, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙම මස 08 වැනිදා ඉන්දීයාව බලා යෑමට නියමීත බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග කියයි.

ඒ අනුව, එ මහතා බැංගලෝරයේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා සිව්දින සංචාරයක නිරත වීමට නියමීතය.

මේ මස 10 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැත්වෙන මෙම සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා පවත්වනු ලබන විශේෂ දේශනයේ මාතෘකාව වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රත්වය හා එහි අනාගතය පිළිබඳව බවත් පැවසේ.

මේ අතර ඉන්දියාවේ සංචාරයේදී රාජපක්ෂ මහතා එරට දේශපාලන නායකයන් කිහිපදෙනකු හමුවීමට නියමිත බවද විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.