FAST NEWS

24×7 Around the Globe

පළාත් කීපයකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි…

 

අද (06) දිනයේදීත් බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල ද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.