පසුගියදා සිය තනතුරින් ඉවත් කරනු ලැබූ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය ඊයේ (05) නැවත එම තනතුරට පත්කිරීමට කටයුතු කර ඇත.
චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරියකු එම තනතුරට පත් කිරීමට කැබිනට් මණ්ඩලය ඉකුත් සතියේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබුණි.
චාර්ල්ස් මහත්මිය ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තීය සමිති සතියක පමණ කාලයක සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක්ද ක්‍රියාත්මක කරනු ලැබීය.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමට මංගල සමරවීර මහතා විසින් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර රේගු අධ්‍යක්ෂක ජනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කර විශ‍්‍රාමික නාවික හමුදා නිලධාරීයකු පත් කිරීමට ගත් තීරණය ඉවත් කර ගන්නා බව පවසා ඇත.
ඊයේ (05) දිනයේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි එම ධුරයේ පිහිටවූ බව මුදල් අමාත්‍යංශය නිල වශයෙන් දැනුම්දෙනු ලැබීය. ඒ අනුව රේගුව විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාවලිය අවසන් වනු ඇත.








