FAST NEWS

24×7 Around the Globe

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට – සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450ක්..

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (05) සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව 2019 වසර වෙනුවෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450ක් වන අතර ඉන් රුපියල් බිලියන 2232ක් මුදලක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන් කර ඇත.
අමාත්‍යාංශ සඳහා සිදු කර ඇති මුදල් වෙන් කිරීම්වලින් වැඩිම මුදල වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහ වන අතර එය රුපියල් බිලියන 392 ක් වන අතර අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 291කි.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 216ක් සහ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 186ක් වෙන් කර ඇත.
මහා මාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් බිලියන 175ක් වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 104 කි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 183කි.