FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරිමේ පැමීණිලි විමර්ශනයට කමීටුවක්..

2019 වසරේ ජාතික පාසල් සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ දි අසාධාරණ සිදුව ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති පැමිණිලි පරික්ෂා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සහාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (2019.02.05) අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාට ලබා දුන් උපදෙස් අනුව මෙම කමීටුව පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
එහි සෙසු සාමාජිකයින් වන්නේ පාසල් කටයුතු අධ්‍යක්ෂ කමණී පෙරේරා මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක මහත්මිය පත් කර ඇත.