FAST NEWS

24×7 Around the Globe

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් 08 දෙනාට දඩ නියම කර මුදාහරියි…

 

පසුගියදා කිරලාගල දාගැබ මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අටදෙනා අද (05) යළිත් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේදී එහිදී එවුන් වරද පිළිගත්හ. 

වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකාර සිසුන්ට රුපියල් 50,000 බැගින් දඩ නියම කර මුදාහැරීමට මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂන ද අල්විස් මහතා නියම කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිස පසුගිය ජනවාරි 23 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.