වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානයේ ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කිරීමට අද (05) නියෝග කරනු ලැබීය.
අදාළ සිදුවීම වූ ස්ථානයට ගිය අත්තනගල්ල මහෙස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය එහි මූලික පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කළාය.
මීට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය එහිදී වේයන්ගොඩ පොලීසියට නියෝග කරනු ලැබීය.
ඊයේ (04) සවස මෙම අනතුර සිදු වී මව රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගිය අතර බරපතල තුවාල ලැබූ දියණිය අද (05) මිය ගියාය.








