FAST NEWS

24×7 Around the Globe

සැප්තැම්බර් 1 ඇමැති මණ්ඩලයට අනුමැතිය ගෙන 2 දා දිවුරුම් දෙති.

නව රජයේ ඇමැති මණ්ඩලය සැප්තැම්බර් 1 දා නව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසුව 2 දා දිවුරුම් දෙන බව එක්සත් ජාතික‍ පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා පවසයි.

ඇමැති මණ්ඩලයේ සංයුතිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට 1දා ඉදිරිපත් කෙරෙන අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ සාකච්ජා කිරී‍මෙන් පසුව තීරණයකට එළැඹෙන බව සමරවික්‍රම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙනු ඇතැයි නොසිතන බවද සමරවික්‍රම මහතා කීය.

19 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධනය අනුව ජාතික ආණ්ඩුවකදී ඇමැති මණ්ඩලයේ සංයුතිය 45 ක් විය හැකි වුවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ‍. මලික් සමරවික්‍රම මහතා ඊයේ (26) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දීර්ඝ සාකච්ජාවකින් පසුව ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයකට එළැඹි බවයි.