FAST NEWS

24×7 Around the Globe

නිසි ප්‍රතිකාර කිරීමෙන් ලාදුරු රෝගය සුව කළ හැක.

ලාදුරු යනු බැක්ටීරියාවකින් බෝවන නිදන් ගත රෝගයකි. ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාදිත බිඳිති මඟින් රෝගය ව්‍යාප්ත වන බව සොයාගෙන ඇති අතර නිසි ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ හැකි බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කරයි.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වූ අතර බස්නාහිර පළාතෙන් රෝගීන්  41‰ ක් වාර්තා විය.

රෝග ලක්ෂණ මතු වී මාස 6කට වඩා ප්‍රමාද වී ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන සංඛ්‍යාව 30‰ ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

වයස අවුරුදු 15ට අඩු ළමා රෝගීන්ගේ ප්‍රතිශතය 9.5‰ ක් වන අතර වැඩිපුර වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලිනි.

ලෝක ලාදුරු දිනය ජනවාරි 27 දාට යෙදී තිබුණි.

.