අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියා මාර්ගය හමුවේ උද්ගතව ඇති තත්වය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සූදානම් බව රේගු වෘත්තීය සමිති පවසයි.
පී. එස්. එම් චාල්ස් මහත්මිය රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව රේගු වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය ක්රියාමාර්ගය 06 වන දිනටත් අද (04) ක්රියාත්මකයි.
රේගු මාණ්ඩලික නිළධාරීන්ගේ සංගමයේ උප ලේකම් විපුල මිනුවම්පිටිය මහතා කියා සිටියේ නිවාඩු දිනයක් වුවද රජයේ පාර්ශවයෙන් ආරාධනයක් ලැබෙන්නේ නම් අද දිනය තුළ වුවද සාකච්ඡාවකට සූදානම් බවයි.








