FAST NEWS

24×7 Around the Globe

රේගුවේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි වෙයි…

 

රේගුව විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 06 ක් ගතවෙයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කළේය.

මේ අතර, රේගු වෘත්තීය සංගම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් හෙට (05) දිනයේදී කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය සහ වාප්පු ලිපිකරුවන් තම සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇත.

මීට අමතරව හෙට දිනයේදී පිටකොටුව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට කටයුතු කරන බවයි අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේය.