71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මාලදිවයින් ජනාධිපති ඊබ්රහිම් මොහොමඩ් සෝලි අද (03) පෙරවරු 11.20 ට පමණ මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.
හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයෙන් අනතුරුව එළඹෙන පස්වනදා මාලදිවයින් ජනාධිපතිවරයා යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඊබ්රහීම් මොහොමඩ් සෝලි මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ශ්රී ලංකාවේ රාජ්ය උත්සවයකට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.








