පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් කටයුතු අතරතුර එල්ලවූ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබුණත් ගුවන් ගමන්වල ප්‍රමාදයක් හේතුවෙන් එය අවලංගුවී තිබේ.
මියගිය යුද හමුදා කපිතාන් එච්. ඩබ්ලිව් ජයවික්‍රම මහතා මේජර් තනතුරටත් කෝප්රල් එස්. එස්. විජේකුමාර මහතා සැරයන් තනතුරටත් උසස් කිරීමට යුද හමුදාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.








