FAST NEWS

24×7 Around the Globe

චීන රජය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තබයි..

 

චීන රජය සහ ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තැබීමට නියමිත බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් චයිනා ඩේලි පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තාකර තිබේ.

මෙම පරිපූර්ණ නිදහස් වෙළඳ ගිවිසුම මගින් භාණ්ඩ, සේවා, ආයෝජන මෙන්ම ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව ආවරණය කෙරෙනු ඇත.

මේ හරහා මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් චීන වෙළදපොළට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසා සිටී.