පසුගිය ඔක්තෝම්බර් මස 28 වනදා දෙමටගෙඩ පිහිටි ඛණිජතෙල් සංස්ථා පරිශ්‍රය තුල ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළීබද නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (01) අධීකරණයට දැනුම්දෙනු ලැබීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ මෙම පැමිණිල්ල අද විභායට ගැණුනි.
ඛණිජතෙල් සංස්ථා පරිශ්‍රයේ පිවිසුම් ශාලාව තුලදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් තමන්ට පහරදුන් බවට කොළඹ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීගණගේ මහතා විසින් ගොණුකර ඇති පැමිණීල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය මෙම කරුණු දැනුම් දුන්නේ.








