FAST NEWS

24×7 Around the Globe

බත්තරමුල්ල – කෝට්ටේ වෙනම මහනගර සභාවක් කරනවා – පාඨලී චම්පික

 

බත්තරමුල්ල – කෝට්ටේ ප්‍රදේශය වෙනම මහනගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (01) ප්‍රකාශකර සිටියේය.

පරිපාලන ආයතන ගණනාවක් යටතේ පාලනය වීමෙන් ඇතිව තිබෙන ගැටලු වළක්වා ගැනීම සදහා මෙම තීරණය ගෙන තිබේ.

මේ ප්‍රදේශය කෝට්ටේ මහ නගර සභාව, මහරගම නගර සභාව, කඩුවෙල මහ නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියාව නගරසභාව ආදී පරිපාලන ආයතන ගණනාවක් යටතේ පරිපාලනය වීම නිසා ගැටලු රැසක් මතුව ඇතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊට පිළියම් ලෙස මේ ප්‍රදේශය වෙනම පරිපාලන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර පළාත් පාලන අමත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මහනගර සභාවක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.