මීළග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නම අද (01) රැස්වූ එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්රික් සමුළුවේදී දුමින්ද දිසානායක මහතා විසින් යෝජනා කර ඇති අතර එහිදී එය ස්ථිර වී ඇත.
මෙම යෝජනාව ස්ථිර කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කරලියැද්ද මහතා විසිනි.
ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පැවති පළමු සමුළුව මෙයයි.








