FAST NEWS

24×7 Around the Globe

ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 ක් යළි දිවයිනට…

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටි ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.
පසුගිය යුධ සමයේදී රට හැරගිය සියළුම පුරවැසියන්ට යළිත් පැමිණෙන ලෙසට රජය විසින් සිදුකළ විවෘත ආරාධනාව අනුව මෙම ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් පිිරිස දිවයිනට පැමිණ ඇත.
2009 වසරේ සිට මේ දක්වා තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටින ලාංකික දෙමළ සරණාගතයින් 11,020 දෙනෙකු යළිත් දිවයිනට පැමිණ තිබේ.