විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට දී තිබූ කාලසීමාව අදින් අවසන්වීමට නියමිතව තිබුනු අතර එය ලබන 08 වැනිදා දක්වා දීර්ඝ කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අන්තර්ජාලය ඔස්සේ මේ වනවිට අයදුම්පත් යොමු වෙමින් පවතින බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවසීය.
මෙම අධ්‍යයන වර්ෂය සදහා සමාජ වෘතවේදය හා භුගෝලීය තොරතුරු විද්‍යාව ආදී නව පාඨමාලා දෙකක් හදුන්වාදී තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන එම පාඨමාලා සදහා සිසුන් 50 දෙනෙකු බැගින් බඳවා ගැනීමට නියමිතව තිබේ.








