අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනුකරනු ලැබූ පෙත්සම යළි සලකා බැලීම ලබන 12 වනදා දක්වා කල් තැබීමට අද (01) විනසුරු අනිල් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ කැඳවු අවස්ථාවේදි නියෝග කරනු ලැබීය.
අදාළ පෙත්සම ගොනුකරනු ලැබුවේ කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල විසිනි.
පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිවයි මෙම පෙත්සම ගොනු කර තිබේ.
ඒ හරහා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින්, අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ලබා දෙන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.








