රේගු වෘත්තීය සමිති සහ මුදල් අමාත්‍යවරයා අතර අද (01) පැවති සාකච්ඡා අසාර්ථක වු බව එම වෘත්තීය සමිති කියයි.
ඒ අනුව අකුරට කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව එම වෘත්තීය සමිති අවධාරණය කළේය.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා පෙරේදා (29) මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්ඊ කළේය.
මෙම වර්ජනය හේතුවෙන් භාණ්ඩ නිෂ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට තිබේ.








