FAST NEWS

24×7 Around the Globe

මේ වසරේ සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් 37 කට සීමා කෙරේ..

 

2019 වසරේ සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 37 දෙනෙකු විය යුතු බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

2021 වසරේදී එම සංඛ්‍යාව 35 ක් වනු ඇති බවත් , ඇතැම් පාසල්වල විවිධ හේතුන් නිසා මෙම තත්ත්වය ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවන බව පවසා අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු රාශියක් ලැබී බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.