මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය විසින් තීරණය කර තිබෙන අතර මේ වනවිටත් මූලික සැලසුම් සකස්කර තිබෙන බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් මැතිවරණ කොමිසම් සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පැවැත්වුණු බවද අමාත්‍යවරයා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල්කරණය කිරීමෙන් ඉදිරි මැතිවරණ කටයුතු පහසුවෙන් මෙන්ම කඩිනමින් කිරීමට හැකියාව ලැබෙන බවද අමාත්‍යාවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.








