FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල අධ්‍යාපන පුහුණුවීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ ගිවිසුමක්

විශ්වවිද්‍යාල අධ්‍යාපන හා ක්ෂේත්‍ර පුහුණු වීම් සඳහා ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් පරිදි අවබෝධතා ගිවිසුමකට එළඹීමට ජාතික සමාජ සංවර්ධන ආයතනය කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන සඳහා විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ දැනටමත් සාකච්ඡා කිහිපයක්ම පවත්වා අවසන්ව තිබේ.

තරුණ, ළමා හා වැඩිහිටි රැකවරණය පිළිබද පාඨමාලා සඳහා බෙල්ජියමේ Lenven, Limburg විශ්වවිද්‍යාලය සමඟ ද, දේශිය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩ සම්බන්ධ ඩිප්ලෝමා සඳහා කොරියාවේ Daegu Haany විශ්වවිද්‍යාලය සමඟින් ඉදිරියේ දී ගිවිසුම් වලට එළඹීමට නියමිත බව පවසේ.

තවද ශ්‍රාස්ත්‍රපති උපාධි හදාරණ සිසුන් සඳහා ඉන්දියාවේ ටාටා ආයතනය හා චෙන්නායි විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමට නියමිත බව ජාතික සමාජ සංවර්ධන ආයතනය පවසයි.