FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ පළාත් සභා 09 යෙහිම මැතිවරණය එකම දිනයක…

 

ශ්‍රී ලංකාවේ පළාත් සභා 09 යෙහිම මැතිවරණය එකම දිනයක පැවැත්වීමට රජය විසින් තීරණය කර තිබේ.

ඒ, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා විෂයභාර අමාත්‍යවරයා සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි.

සබරගමුව, නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, උතුර යන පළාත් සභාවන්හි නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර බස්නාහිර හා දකුණු පළාත් සභාවන්හි නිල කාලය අප්‍රේල් මාසයේදී අවසන් වනු ඇත.

ඌව පළාත් සභාවේ නිල කාලය ලබන ඔක්තෝබර් මාසයේදී අවසන්වීමට නියමිතය.

පළාත් සභා මෙන්ම පළාත් පාලන ආයතන ඡන්දය ද එකම දිනයකදී පවත්වන බවට එක්සත් ජාතික පෙරමුණ 2015 ජනවාරි 08 රජය පිහිටුවීමේ ප්‍රචාරක ව්‍යාපාරයේදි ජනතාවට ප්‍රතිඥා දුන් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.