FAST NEWS

24×7 Around the Globe

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයි…

 

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇත.

ඊට හේතුව මෙම නිෂ්පාදනයන්හි පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තා වී ඇති තොරතුරු හේතුවෙනුයි.

අදාළ නිශ්පාදන පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු නොමැති බවට තහවුරු කරන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වන අතර දැනට වෙළද පොළේ පවතින පවුඩර් අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාව මෙම පවුඩර් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන්.