රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ එච්.ජී. සුමනසිංහ මහතා පත්කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ඊයේ (30) පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර එය තවමත් ක්‍රියාත්මකයි.








