FAST NEWS

24×7 Around the Globe

ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක වේ.

 

බෝනොවන රෝග පාලනය කිරිමට පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද ක්‍රියාත්මක කිරිමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .

ඒ අනුව 1980 අංක 26 දරණ ආහාර පනතට අනුව අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කරන ලෙසට පාරිසරික හා ආහාර සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ලක්ෂ්මන් ගම්ලත් මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්චාවකදී උපදෙස් ලබා දී ඇත.

ඝණ ආහාර, අර්ධ ඝණ ආහාර සහ දියර ආහාර වල අධික සීනි, ලුණු සහ මේදය අඩංගු වන්නේ නම් ඒ සදහා වර්ණ සංකේතයක් ආහාර ලේබලයේ ප්‍රධාන රාමුවේ ප්‍රදර්ශණය කර යුතුය .

මේ පිළිබදව ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන්ව දැනුවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.