ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 95 ක් සහ පන්දහසේ මුදල් නෝට්ටු 16 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.
ත්‍රිකුණාමලය, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු 52 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මේ අතර ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 29 ක් සමඟ තවත් පුද්ගලයෙකු හොරොව්පතාන නගරයේදී පොලිසිය වසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
29 හැවිරිදි සැකකරු මහදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අදාළ සිද්ධීන් පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.








