FAST NEWS

24×7 Around the Globe

රේගු නිළධාරීන් අද (31) සිට අකුරට වැඩ…

 

රේගු නිළධාරීන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (31) පෙරවරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් බවට පත් කර තිබේ.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිළධාරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.

කොළඹ වරායේ මගී සහ අපනයන අංශ හැර ආනයන විමර්ශණ කටයුතු සිදුකරන අංශවල සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ ඊයේ (29) පස්වරුවේ සිටයි.