ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාමලේඛනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මෙම සතියේ ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
සම්මුඛ පරීක්‍ෂණයේ දී ලබා ගත් ලකුණු මත කිසිවකුගේ බලපෑමකින් තොරව මෙම සුදුස්සන්ගේ නාමලේඛනය සකස් කර ඇතැයි ද, ඒ සඳහා අනුමැතිය ලද වහාම පත්වීම් ලබා දෙන බවද අමාත්‍යංශය කියයි.
තමන් ලබා ඇති ලකුණු අනුව ඇතැම් ප‍්‍රධාන පෙළේ පාසල්වල විදුහල් ප‍්‍රධානීන්ට තනතුරු අහිමි විය හැකි යැයිද පෙන්වා දෙයි.
ජාතික පාසල් 302ක පැවති පුරප්පාඩු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අයැදුම් පත් කැඳවූ අතර ඒ අනුව අයැදුම් පත් 800 ක් පමණ ලැබී තිබිණි.








