හලාවත – මාරවිල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක ආනයනික බඩ ඉරිඟුවල තිබී හමුවු සේනා දළඹුවාට සමානකම් ඇති දළඹු විශේෂයක් හමුවූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම සත්ත්වයාගේ සාම්පල පරීක්ෂාව සඳහා රැගෙන ආ බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දළඹු විශේෂය හමුවූ බඩ ඉරිඟු තොගය සත්ව ආහාර සඳහා මීට මාසකට පෙර ගෙන්වා ඇති බව වාර්තා වෙයි.
මේ අතර, උතුරු මැද පළාතේ බඩ ඉරිඟු අස්වනු නෙළිම ආරම්භ වී ඇති අතර, සේනා දළඹුවා නිසා බඩ ඉරිඟු අස්වනු වලට වැඩි බලපෑමක් එල්ල නොමැති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග වැඩිදුරටත් සඳහන් කළේය.








