FAST NEWS

24×7 Around the Globe

බුදු පිළිම සිද්ධියේ 11 දෙනා තවදුරටත් රිමාන්ඩ්..

 

මාවනැල්ල නගරයට ආසන්න ප‍්‍රදේශ කිහිපයක බුදුපිළිම 09 කට අලාභානි කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 11 දෙනා තවදුරටත් පෙබරවාරි 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කර ඇත්තේ මාවනැල්ල, ගම්පොළ ගෙලිඔය, පොළොන්නරුව තඹාල ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 හා 30 අතර වයස් සීමාවන් වල පසුවෙන පුද්ගලයන්ය.