නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද (26) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියාය.
ඒ පස්වරු 2.20ට පිටත්වූ යූ.එල්. 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලිය බලාය.
ඊයේ අලූයම දිවයිනට පැමිණි නිශා බිස්වාල් මහත්මිය, ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ද මුණගැසී සාකච්ඡා කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහය දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය මේවනවිට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට දේශීය පරීක්ෂණයක් සඳහා දිරිගන්වමින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම්වන බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.







