වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලිනුත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව අ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එම ක්‍රියාවලිය එළැඹෙන මැයි මාසයේ සිට කියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් , මෙම වසරේ දී කෙසේ හෝ උසස් පෙළ දරු දැරියන් සඳහා ටැබ් පරිගණක ලබාදීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සදහන් කරයි.
එමගින් ගුරුවරු නැති අවස්ථාවල දරුවන්ට දිවයිනේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය ඔස්සේ විෂය ප්‍රවීනයන් මගින් ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි බව ඔහු පෙන්වා දෙයි.
උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමෙන් පසුව පෙළ පොතක් සකසා ටැබ් පරිගණකයට ඇතුළත් කරන ලෙස විභාග කොමසාරිස්තුමා හට උපදෙස් ලබාදෙන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.








