FAST NEWS

24×7 Around the Globe

මාර්තු මස 01 වනදා සිට සීගිරියට පොලිතින් තහනම්…

 

මාර්තු මස 01 වනදා සිට සිගිරිය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් තීරණය කරයි.

විශේෂයෙන් සීගිරිය දිය අඟල ඇතුලත කලාපය තුල පොලිතින් භාවිතය තහනම් කිරීමට මෙහිදී කටයුතු යොදා ඇත.

නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.

මාධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ  ලබන 01 වනදා සිට එම ප්‍රදේශයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් කෙරෙන බවයි.