මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ලබන මස 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (29) නියම කළේය.
මෙම අභියාචනා පෙත්සම් අද සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.








