බණ්ඩාරවෙල – ඇල්ල – ආරුක්කු පාලම ආසන්නයේදී අද (29) පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙක් විදේශිකයන් බව පොලිසිය ප්‍රකාශ කරයි.
තුවාල ලැබූ පිරිසෙන් 18 දෙනෙකු දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉතිරි දෙදෙනා බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා ඇත.








