FAST NEWS

24×7 Around the Globe

තරංග හා අවිශ්කගේ විශිෂ්ඨ ප්‍රහාරයෙන් අයර්ලන්තයට දැවැන්ත ඉලක්කයක්..

අයර්ලන්ත “එ” කණ්ඩායම සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි අද (29) පැවැත්වෙන නිල නොවන පස්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා “එ” කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේ කඩුළු 07ක් දැවි ලකුණූ 407 ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා අයර්ලන්ත “එ” කණ්ඩායම පන්දුවාර 50 ක් ලකුණු 408 ක් ලබා ගත යුතුය.

මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නියැළුණු අසිත ප්‍රනාන්දු පන්දු 94 කදී ලකුණූ 112 ක් හා උපුල් තරංග පන්දු 108 කදී ලකුණූ 120 ක් ලබා ගත්හ.

දෙරට අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 4-0 ලෙස මෙ වන විටත් ශ්‍රී ලංකා “එ” කණ්ඩායම ජයග්‍රහණය කර සිටියි.