FAST NEWS

24×7 Around the Globe

2018 වසර දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව 89 වන ස්ථානය හිමිකර ගනී…

 

පසුගිය වසරේ රටවල් 180 ක් අතරින්  දූෂණ සංජානන දර්ශකයේ 89 වන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.‍

දකුණු ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 03 වන ස්ථානයයි.

භූතානය 25 වන ස්ථානයද ඉන්දියාව 78 වන ස්ථානයද ලබා ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවෙයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සකස් කරන ලද 2018 දූෂණ සංජානන දර්ශකය එළි දැක්වීම අද පෙරවරුවේ සිදුකෙරුණු අතර ඊට අනුව දර්ශකයේ ඉහළම ස්ථාන දිනාගැනීමට නවසීලන්තය සහ ඩෙන්මාර්කය සමත්වී ඇති අතර අවසාන ස්ථානයේ පසුවන්නේ සෝමාලියාවයි.